නව කතානායකවරයා වශයෙන් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පත්කිරීමට යෝජනා වී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
නිහාල් අබේසිංහ මහතා ජාතික ජන බලවේගයේ මහ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කරයි.
විශේෂයෙන්ම නිහාල් අබේසිංහ මහතා රටම පිළිගත් විශේෂඥ වෛද්‍යවරයකු බැවින් අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම් සම්බන්ධයෙන් ඉදිරියේදී කිසිදු ගැටලුවක් උද්ගත වීමට අවස්ථාවක් නොමැති නිසා ඒ මහතාව කථානායක ධුරයට පත්කිරීමට යෝජනා වී ඇත.
සිය අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීමට නොහැකි වීම නිසා අශෝක සපුමල් රන්වල මහතා ඊයේ (13) කතානායක ධුරයෙන් ඉල්ලා අස්විය. නියෝජ්‍ය කතානායක, වෛද්‍ය රිස්වි සාලි මහා මැතිවරණ සමයේ “විශේෂඥ වෛද්‍ය” යනුවෙන් ව්‍යාජ තනතුරු නාමයක් භාවිත කිරීම නිසා මේ වන විටත් චෝදනාවට ලක්ව තිබේ.