පසුගිය වසරට සාපේක්ෂව රටේ විදේශ සංචිත ඩොලර් මිලියන 350කින් පහත වැටී ඇතැයි හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසයි.
නව ආයෝජන නොපැමිණීම, රටේ පැවති ආයෝජන රට අතහැර යෑම මෙයට හේතුව බවත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විශාල කඩාවැටීමක් දැකගත හැකි බවත් ඔහු පෙන්වා දෙයි.
රට ගමන් කරන්නේ මේ ආකාරයට නම් ණය වාරික ගෙවීමට රට සූදානම් කරන්නේ කෙසේද යන්න ගැටලුවක් බවද චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කරයි.