නලින්දගේ ෂොපිං බිල් ගෙව්වේ බාල ඖෂධ සමාගමක්… බොරු නම් නඩු දමනු…! – විමල් වීරවංශ…

February 7, 2026 at 8:17 pm | by emanisa.lk

සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ඉන්දියානු සංචාරයේදී එක්තරා පුද්ගලයෙකුගේ බැංකු කාඩ්පතකින් රු. ලක්ෂ 10කට අධික බඩු මිලට ගෙන ඇතැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමති සමයේ බාල බෙහෙත් ගෙන ආ බවට චෝදනා ලැබ මෙරට අසාධු ලේඛනගත කළ ඖෂධ සමාගම් හිමිකරුවන්ගේ කාඩ්පතකින් පුනරුද සෞඛ්‍ය ඇමති සිය බිල් ගෙවා ඇති බවට ඔහු චෝදනා කරයි.

මෙම චෝදනාවට විරුද්ධව හැකි නම් නඩු දමන්නැයි අභියෝග කළ විමල් වීරවංශ, බඩු මිලට ගත් සියලු බිල්පත් රැගෙන උසාවිට පැමිණීමට තමන් සූදානම් බවද ප්‍රකාශ කරයි.

විමල් වීරවංශ මේ බව සඳහන් කළේ ගමත් එක්ක විමල් ජනහමුවකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *