මති කුමාර ජයකොඩිට විරුද්ධව නඩු පවරා ඇත්තේ 2014 ඔහු රාජ්‍ය නිලධාරියෙකු ලෙස කටයුතු කරන සමයේ සිදුවූයේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් බව ජනාධිපති අනුර දිසානායක පවසයි.
“අපේ කවරම හෝ අමාත්‍යවරයායෙක් අමාත්‍ය බලතල අමාත්‍ය විෂයපථය උපයෝගී කරගෙන කොතනක හෝ අධිකරණයක නඩු පැවරෙනවා නම් පහුවදාම මම ඔහු ඉවත් කරනවා.
ජයකොඩි පිළිබඳ මතුවෙලා තිබෙන ප්‍රශ්නය 2014 ඔහු රාජ්‍ය නිලධාරියෙක් ලෙස ඉන්න කොට ප්‍රසම්පාදනයේ ඇති වූ ගැටලුවක්. හැබැයි ඔහු අමාත්‍යවරයා හැටියට නම් අධිචෝදනා ලබලා නඩු ගොනු කරලා තියෙන්නේ හෙට මම ඇමතිකමින් අයින් කරනවා.
ගල් අඟුරු පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලා තිබුණා. ඒක විභාගයට ලක්කරන්න පුළුවන්. මා දන්නෑ කවුරුත් තවම අල්ලස් කොමිසමට ගියා කියලා. පරීක්ෂණ කරන්න පුළුවන්.
මා සමීපව එය නිරීක්ෂණය කිරීමේදී මට ඇති ඒත්තු ගැන්වීම තමයි, එතන වංචාවක් සිදුවුණේ නෑ කියන එක. නමුත් කෝප් සභාවට, අල්ලස් හෝ දූෂණ කොමිසමට පුළුවන් පරීක්ෂණ හරහා චෝදනා එල්ල වෙනවා නම් මම ක්‍රියාමාර්ග ගන්නවා.”
ජනාධිපති අනුර දිසානායක මේ බව ප්‍රකාශ කළේ ඊයේ (17) මාධ්‍ය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමෙන් අනතුරුව මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.