ජනාධිපති අනුර දිසානායක රටේ ඉන්ධන පිරවීමට ගබඩා ප්‍රමාණවත් නැතැයි ප්‍රකාශ කළද රටේ දැනට ඇති ගබඩාවලින් ඉන්ධන පුරවා තිබුණේ 40%ක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසයි.
රටට උවමනා ඩීසල් මාස දෙකයි දවස් දහයක් ගබඩා කර ගැනීම සඳහා ප්‍රමාණවත් ගබඩා පහසුකම් ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
පසුගිය ආණ්ඩු කොළොන්නාවේ ඉන්ධන ටැංකි හයක සහ තිරිකුණාමල තෙල් ටැංකි පහක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබුණද වර්තමාන ආණ්ඩුව එහි කටයුතු නතර මාස ගණනාවක් ගතකළ බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ඊට හේතුව ඒවා අලුතින්ම වර්තමාන ආණ්ඩුවේ වැඩ ලෙස සමාජගත කිරීමේ උවමනාව බවටද ඔහු චෝදනා කරයි. මේ ආකාරයට ඉන්ධන ගබඩා ඉදිකිරීම් නතර කර පැවති ගබඩාවලින්ද 40%ක් පමණක් ඉන්ධන පුරවා 60%ක් හිස්ව තබා නටන්න බැරි මිනිහා පොළොව ඇදැයි කීවා සේ ආණ්ඩුව චෝදනා නගමින් ඇතැයිද හෙතෙම ප්‍රකාශ කරයි.
ඔහු මේ බව කීවේ හිරු බලය වැඩසටහනට එකතු වෙමිනි.