ඇමරිකානු නව බදු අඩු කර ගැනීම සඳහා ආණ්ඩුව එරට ධවල මන්දිරය සමග ඍජු සබඳතා ඇති කර ගතයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුව ඒ ඒ රටවලට යෝජනා කරන බදු ප්‍රතිශත ධවල මන්දිරය වෙනස් කරන බවයි.
එහෙයින් ධවල මන්දිර කාර්යාල මණ්ඩල ප්‍රධානි සමග හෝ ඍජු සබඳතා ගොඩනඟා ගෙන රටේ බදු ප්‍රතිශතය අඩු කර ගැනීමට මැදිහත් විය යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.
ජපානය බදු 25%ක්, මෝල්ඩෝව 25%ක්, බෲනායි 25%ක්, දකුණු කොරියාව සහ කසකස්ථානය ද 25%ක් සහ ඉන්දියාව 26%ක් දක්වා අඩු කර ගෙන ඇති බවත් අප ද ඉදිරි සති 3 තුළ අති විශේෂ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් සිදු කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.
ඊයේ (11) පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කීය.