2026 වසරේ මුල් කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම් සභාව වෙත ඉදිරිපත් කර තිබේ.
විදුලිබල මණ්ඩලය විසින් සියයට 11.57ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් එමඟින් යෝජනා කර ඇත.
2026 වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා වන මාස 03ට අදාළව මෙම ගාස්තු සංශෝධනය යෝජනාකර ඇති අතර අදාළ කාලය තුළ විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් මිලියන 13,094ක් ලෙස එම යෝජනාවලියේ සටහන් කර ඇති බව සඳහන් වේ.
මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනා සමාලෝචනය කිරීමෙන් පසු ඒ පිළිබඳ මහජන අදහස් විමසීමට පියවර ගන්නා බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
ඒ අනුව ජනවාරි මස 02වන සතිය වන විට මහජන උපදේශනයේ කටයුතු ආරම්භ කෙරෙන අතර සති 06ක කාලයක් තුළ ගාස්තු සංශෝධනය පිළිබඳ උපයෝගිතා කොමිසමේ අවසන් තීරණය දැනුම්දීමට පියවර ගන්නා බව එම කොමිසම වැඩි දුරටත් ප්‍රකාශ කරයි.