දේශීය සිසුන්ට KDU දොර වැසීම මූලික අයිතිවාසිකම් කැඩීමක්…! – මාලිමා මන්ත්‍රිනී කෞෂල්‍යා ආරියරත්න…

July 11, 2025 at 10:03 am | by emanisa.lk

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දේශීය සිසුන්ට අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව අහිමි කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් බව තමන්ට අවබෝධ වූයේ පසුව බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ කෞශල්‍යා ආරියරත්න පවසයි.

“කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය දකුණු ආසියාවේ මිලිටරි පුහුණුව ලැබිය හැකි ආයතනයක් බව පත්කිරීම අපේ ආණ්ඩුවේ අරමුණ වුණේ. අන්තර්ජාතික වශයෙන් මිලිටරි ශිෂ්‍යයන් ආකර්ශනය කරන හොඳ ආයතනයක් කරන්න. ඒ නිසා තමයි ඒකට මිලිටරි ශිෂ්‍යයන් පමණක් ඇතුළු කරගන්නා කොන්දේසියක් දැම්මේ.

අපට පස්සේ අවබෝධ වුණා මේ නිසා ලංකාව ඇතුළේ දේශීය උපාධි හදාරන අයට ලොකු අසාධාරණයක්ව වෙනවා කියලා. පිටරට ඉඳලා විභාග කරල KDU එකට බැඳෙන්න පුළුවන්කම තියෙද්දි ලංකාවේ අයෙකුට එහි උපාධියක් හදාරන්න අවවස්ථාව නොදීම මූලික අයිතිවාසිකම් පැත්තෙන් ගත්තත් අසාධාරණයක් තියෙනවා.”

නීතීඥ කෞෂල්‍යා ආරියත්න මේ බව ප්‍රකාශ කළේ ජාතික රූපවාහිනියේ කරට කර වැඩසටහනට (07) එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *