දේශීය කර්මාන්ත රකින්න ආණ්ඩුව පෙරට… රාජ්‍ය ආයතනවලට දුඹුරු සීනි අනිවාර්යයි…!

October 15, 2025 at 10:53 am | by emanisa.lk

මින් ඉදිරියට රාජ්‍ය ආයතන සඳහා ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනය යටතේ සීනි සැපයීමේදී දුඹුරු සීනි පමණක් සපයා ගන්නා ලෙස රජය විසින් අනිවාර්යය කරනු ලැබ ඇත.

ඒ අනුව, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, රජයේ රෝහල් වැනි රාජ්‍ය ආයතන සඳහා ඉදිරියේදී ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනයන් යටතේ සීනි සැපයීමේදී දුඹුරු සීනි පමණක් සැපයෙනු ලබයි.

මෙවැනි තීරණයක් ගනු ලැබුවේ දේශීය දුඹුරු සීනි කර්මාන්තය රැකගැනීමේ අරමුණෙන් ඊට අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.

ගුණාත්මකභාවයෙන් ඉහළ දේශීය නිෂ්පාදනයක් වන දුඹුරු සීනි මෙරට ජනතාව තුළ තවදුරටත් ප්‍රචලිත කිරීම මඟින් දේශීය දුඹුරු සීනි කර්මාන්තය තිරසරව සංවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *