දේශපාලන හිතවතාට අධිකරණයෙන් බාල්දියක්… සමන් දේවාලේ බස්නායක ධුරය හීනයක් වෙයි…!

February 3, 2025 at 2:17 pm | by emanisa.lk

සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස මැණික් ව්‍යාපාරික එස්.වී. චන්ද්‍රසිංහ මහතා පත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් පත් කළ තීරණය අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

එමෙන්ම ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත එම දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීමට අදාළ නිලවරණයේ දී ඒ මහතාට ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තවත් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරනු ලැබීය.

හිටපු බස්නායක නිලමේගේ ධුර කාලය අවසන් වූ පසු වර්තමාන වැඩ බලන බස්නායක නිලමේවරයා පත්කර ඇත්තේ සම්ප්‍රදාය කඩකරමින් හා අනීතිකව බව පවසමින් මෙම පත් කිරීම අත්හිටුවන්නැයි ඉල්ලමින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බලමින් මෙම නියෝග නිකුත් කළේය.

මෙම පත් කිරීමට විරෝධය පල කරමින් පසුගියදා සමන් දේවාලය ඉදිරියේ විරෝධතාවක් පැවති අතර ඔවුන් පැවසුවේ වැඩබලන බස්නායක නිලමේවරයා ලෙස පත් කර ඇත්තේ ආණ්ඩුවේ දේශපාලන ක‍්‍රියාකාරිකයෙකු බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *