දේශපාලනය ක්‍රිකට් පිටියට රිංගයි… සම්මුඛ පරීක්ෂණ කැන්සල්… ක්‍රිකට් විනිසුරොත් මාලිමාවෙන්…!

September 29, 2025 at 4:55 pm | by emanisa.lk

ඉතිහාසයේ ප්‍රථම වතාවට හුදු දේශපාලන වාසි සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා අත්තනෝමතික ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු පත්කර ඇතැයි වාර්තා වෙයි.

සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු නීතිරීති සම්පූර්ණයෙන් උල්ලංඝනය කරමින් වත්මන් ආණ්ඩුව සමග සුහදතාව ගොඩනඟා ගැනීමේ අරමුණින් මෙම පත්වීම සිදුකර ඇති බවට විවේචනයට ලක්වෙමින් තිබේ. බොහෝ දක්ෂ විනිසුරු පිරිසකට අවස්ථාව අහිමි කරමින් පත්කර ඇති එම විනිසුරුවරයා ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චිගේ ඥාතිවරයෙකු බව වාර්තා වෙයි.

මෙයට පෙර ජාත්‍යන්තර තලයේ විනිසුරු තෝරා ගැනීම සඳහා ලොව දක්ෂතම විනිසුරුවරයෙකු වන කුමාර ධර්මසේන, ICC උපදේශක පීටර් මැනුවෙල්ගෙන් සමන්විත කමිටුවක් හමුවේ සම්මුඛ පරීක්ෂණයක් සිදුකළ ද මෙවර ඒ කිසිවක් සිදුනොකර මෙම දේශපාලන පත්වීම සිදුකර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *