දේශපාලනයේ බාර් එක අපි ඉස්සුවා… ඊට උඩින් පැනලා අපි පරාද කළාට කමක් නෑ…! – නජිත් ඉන්දික…

March 1, 2026 at 3:13 pm | by emanisa.lk

තමන් පරාජය කර ආණ්ඩු බලය වෙනස් කරගත හැකි නම් එහි ගැටලුවක් නොමැති බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික පවසයි.

“ජනාධිපතිතුමා නිතර කියනවා වගේ අපිව පරාජය කළාට කමක් නෑ. අපි දේශපාලන වෙනස ඇතුළේ දේශපාලන සංස්කෘතියේ වෙනසකුත් කතා කරනවා. හොරු අල්ලන එක විතරක් නෙමෙයි. ආර්ථිකය යහපත් අතට ගැනීම, දේශාපලන සංස්කෘතිය වෙනස් කිරීම, ජාතිවාදය ප්‍රතික්ෂේප කරලා සමාජය ඉස්සරහට ගෙන යෑම, ජනතා සුභසාධනය වගේ බොහෝ දේවල් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා.

දේශපාලන සංස්කෘතියේ අපි පැහැදිලි වෙනසක් කළා. අපට ආඩම්බරෙන් කියන්න පුළුවන්. අණපනත් ගෙනාවේ දැන් වුණාට මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් රඟපාගෙන නටාගෙන පොලිසිය වාහන හතර පහ අතනිනුත් වාහන මෙතනිනුත් වාහන අරන් යන ක්‍රමය වෙනස් කළා.ඒක හොඳයි කියලා හැමෝම කියනවා. දේශපාලනයේ පනින්න තියෙන බාර් එක අපි යම් තරමකට ඉස්සුවා.”

ස්වාධීන රූපවාහිනියේ කරළිය වැඩසටහනට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *