දේශද්‍රෝහී පාලනයට එරෙහිව අලුත් විපක්ෂයක් ගොඩනඟනවා…! – පාඨලී…

July 20, 2025 at 2:11 pm | by emanisa.lk

2024 ජනතා තීන්දුව සාම්ප්‍රදායක පවුල් දේශපාලනයට එරෙහි සාතිශය බහුතර ජනතාවක් ලබාදුන් තීන්දුවක් බව හිටපු අමාත්‍ය, එක්සත් ජනතා පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පවසයි.

එම තීන්දුවේ හරි වැරැද්ද දැන් පැහැදිලි නමුත් නැවත පවුල්වාදී සාම්ප්‍රදායික පක්ෂවලට අවස්ථාවක් දිය යුතු බවක් ඉන් අදහස් නොවන බව ද හෙතෙම අවධාරණය කරයි.

එහෙයින් උගත් කුසලතා සහිත අනාගතවාදී දේශපාලන ව්‍යාපාරයක් රටට උවමනා බවත් එය ගොඩනැගීමට සූදානම් බවත් පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි.

එය අනුර දිසානායකගේ දේශද්‍රෝහී ව්‍යාජ දේශපාලනයට එරෙහි නව දේශපාලන ව්‍යාපාරයක් බව ද ඔහු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *