දේපොළ පවරා ගැනීමේ පනත ගේන්නේ IMF උවමනාවට…! – චාමර සම්පත් අමරසූරිය…

April 8, 2025 at 5:57 pm | by emanisa.lk

අපරාධයකින් උපයා ගත් දේපොළ පවරා ගැනීමේ පනත ගෙන එන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උවමනාවට බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අමරසූරිය පවසයි.

මෙම පනත නිර්මාණය කළේ කැබිනට් අනුමැතිය ගත්තේ කවදා දැයි ඔහු ප්‍රශ්න කරයි.

එය පසුගිය ආණ්ඩුව ද IMF උවමනාව මත ගෙන ඒමට සූදානම් වූ බව චාමර සම්පත් අමරසූරිය අනාවරණය කරයි.

වර්තමාන ආණ්ඩුව එය සිය වැඩක් මෙන් රටට පෙන්වීමට උත්සාහ කිරීම අනුන්ගේ කලිසම තමන්ගේ වගේ ඇඳගෙන යෑමක් බවට ද ඔහු චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *