දෙවන ඉරාන නෞකාව සහ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවට….!

March 6, 2026 at 9:45 am | by emanisa.lk

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පවතින ඉරානයට අයත් ‘IRIS Bushehr’ නෞකාව සහ එහි සිටින කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (05) ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

එම නෞකාවේ සේවය කරන 208 දෙනෙකුගෙන් යුත් සමස්ත කාර්ය මණ්ඩලය ආරක්ෂිතව කොළඹ වරාය වෙත රැගෙන ඒම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

මෙම කාර්ය මණ්ඩලය නෞකාවෙන් ගොඩබැස්වීමෙන් අනතුරුව, අදාළ ‘IRIS Bushehr’ නෞකාව ත්‍රිකුණාමලය වරාය ආසන්නයට රැගෙන යාමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *