පසුගිය 12 වෙනිදා දෙරණ නාළිකාවෙන් කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉදිරි කාලගුණය පිළිබඳ බරපතළ අනතුරු ඇඟවීමක් සිදුකළේ නම් දෙරණ ආයතනය සහ එහි අයිතිකරු දිලිත් ජයවීර එය බරපතළ ප්‍රවෘත්තියක් ලෙස සලකා කටයුතු කළ යුතුව තිබුණු බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.
එම ප්‍රවෘත්තිය වර්තමාන ආණ්ඩුව බරපතළ ලෙස සලකා කටයුතු නොකළේ නම් එම මාධ්‍ය ආයතනයට අදාළ ප්‍රවෘත්තිය විටින් විට විකාශය කරමින් ජනතාව දැනුම්වත් කිරීමේ වගකීමක් තිබූ බවයි, මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.
කෙසේ වුව ද දෙරණ ආයතනය පවා අදාළ ප්‍රවෘත්තිය නැවත ඉස්මතු කළේ අදාළ ආපදාව සිදුවීමෙන් අනතුරුව බවට නිර්මාල් රංජිත් දේවසිරි චෝදනා කරයි.
අද (06) ජන පැතුමට වග කියන ජන බලයක් නමින් මාධ්‍ය හමුවක් අමතමින් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මේ බව කීය.