පසුගිය කාලයේ සිදුව ඇතැයි කියන මහා පරිමාණ වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කිරීමට පත් කර ඇති ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවට දිනකට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව පන්සියය ඉක්මවන බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග අනාවරණය කරයි.
ලැබෙන පැමිණිලි අතර මහා පරිමාණ වංචා හා අක්‍රමිකතා රැසක් පවතින බව ද එවැනි වංචා සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ ආරම්භ කිරීමට කොමිෂන් සභාවට උපදෙස් දෙනු ලැබ ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
විමර්ශන කටයුතු සඳහා වන පූර්ණ බලය හා ස්වාධීනත්වය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කොමිෂන් සභාවට ලබා දෙනු ලැබ ඇත. කිසිදු හේතුවක් මත කිසිදු වංචාවක් යටපත් නොකෙරෙන බව ද ඉහත ආරංචි මාර්ග කීවේය. පසුගිය කාලයේ විමර්ශනයට භාජනය නොකරන ලද පැමිණිලි මෙන් ම විමර්ශන අත්හිටුවා ඇති පැමිණිලි සම්බන්ධයෙන් ද යළි අවධානය යොමු කිරීමට නියමිත ය.