දූෂණ විරෝධී සියලු පනත් ගෙනාවේ මං… ආණ්ඩුව ඉන් දේශපාලන දඩයම් කරනවා…! – රනිල්…

September 20, 2025 at 5:29 pm | by emanisa.lk

ජාතික විගණන පනත මෙන්ම දූෂණ විරෝධි පනත ද ගෙන ආවේ 2018 සහ 2023 තමන් විසින් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

වර්තමාන ආණ්ඩුව පවසන ආකාරයට හොරකමට විරුද්ධ මෙම සියලු පනත් ගෙනැවිත් ඇත්තේ හොරු විසින් බව ද ඒවා තව දුරටත් බලාත්මක කිරීමට යෝජනා කර ඇති නිර්දේශ කිසිවක් වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කර නොමැති බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

එහෙත් එම දූෂණ විරෝධී අණ පනත් විපක්ෂය නිහඬ කර ඒකාධිපතිත්වයක් කරා යෑම සඳහා දේශපාලන දඩයමට යොදා ගෙන ඇති බවත් ඊට මුහුණ දීමට විපක්ෂය සූදානම් විය යුතු බවත් රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

ඔහු මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ 79 වැනි සංවත්සර සැමරුමට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *