අයථා ලෙස උපයාගත් සියලු දේපළ අත්පත් කර ගැනීමේ කාර්යයට අදාළ කැබිනට් පත්‍රිකාව 2024 ජූලි 16 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ හත්වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව එජාප සභාපති වජිර අබේවර්ධන පවසයි.
“දැන් මේක ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ අනුමත කිරීමට අපේ රජය මේ නීතිය සම්පාදනය කරලා නීතිගත කිරීමට නියමිතව තිබුණා. නමුත් එය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වුණා පසුගිය පාලනය විසින් වර්තමාන පාලනයට රට භාරදීමත් සමග. ඒ භාරදීමත් සමග මේ දක්වා පමාවීම නිසා එකඟ වී තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ප්‍රමාණයන් ලැබී නෑ. ඒ එකඟ වූ කරුණු ඉටු නොකිරීම නිසායි.
මෙතැන දැන් සිදුවී තිබෙන්නේ එක දෙයයි. රටේ අවශ්‍යතාවයන් පමා වීමක් පමණයි. ඇත්ත වශයෙන්ම මෙයින් සිදුවන්නේ තවත් ආර්ථිකයට නියමිත වෙලාවට ඉෂ්ට කළ යුතු දේ නියමිත වෙලාවට සිදු නොකිරීම නිසා බරපතළ තත්ත්වයන්වලට දිනෙන් දින රට අවාසනාවන්ත තැනකට තල්ලු වෙමින් තිබෙනවා.
දැන් මේ කාරණය අපි විශේෂයෙන් මතක් කළේ, මාධ්‍ය හරහාත් සමාජ මාධ්‍ය හරහාත් මැජික් පෙන්වන්න වගේ මේක ගෙනාවා කියලා බොහොම උජාරුවට සද්දෙට කෑගහනවා මම දැක්කා. නමුත් ජනතාව වශයෙන් ඔබ මතක තබාගත යුතුයි. පාර්ලිමේන්තු ඉතිහාසයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා viii වැනි විධායක ජනාධිපති වූවාට පසු පනත් 92ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා ජාතියේ යහපත සඳහා.”