දූෂණ විරෝධී පනත අතීතයට බලපාන ලෙස සකස් කළ යුතුයැයි පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
අද (21) පාර්ලිමේන්තුවේ දී හෙතෙම මේ බව පැවසීය.
මේ වන විට සකස් කර ඇති දූෂණ විරෝධී පනත නීතිඥයන් කිහිප දෙනෙක් සමග අධ්‍යයනය කළ බව කී ලක්ෂ්මන් කිරිඇල්ල, මේ පනත බලපාන්නේ ඉදිරියට බවට මතයක් තිබෙන බව සඳහන් කළේය.
ආපස්සට බලපාන දූෂණ නීති ගෙන ආ යුතු බව ද මේ සඳහා එම පනතෙහි වෙනම වගන්තියක් තිබිය යුතු බව ද හෙතෙම කීය.