රට විනාශ කළ දූෂිත රාජපක්ෂවරුන්ගෙන් තොර ආණ්ඩුවක් ගොඩනැගීමට ජනාධිපතිවරයා වගබලාගත යුතු යැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
එසේ ම මහජන විශ්වාසය දිනා ගැනීම සඳහා දූෂණ චෝදනා නැති අමාත්‍ය මණ්ඩලයක් පත් කළ යුතු බව ද ඔහු අවධාරණය කරයි.
තමන් ඇමැති කටු කෑමට සූදානම් නැති නමුත් විධිමත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් තුළ ඕනෑ ම වගකීමක් දැරීමට සූදානම් බවත් පාඨලී චම්පික සඳහන් කළේය.