දූෂණය වංචාව නාස්තිය 100%ක් අවසන් කළා….! – ඇමති ලාල්කාන්ත…

March 25, 2025 at 7:52 pm | by emanisa.lk

ආර්ථික ක්‍රියාවලියට රජය මැදිහත් වන සියලු ස්ථානවල පාඩුව නිලධාරිවාදය මුල්බැස ඇති බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

මෙම ආයතනවල පවතින දූෂණ අක්‍රමිකතා නිසා ජනතාව ද ඒවා පෞද්ගලික අංශයට පැවරිය යුතුය යන ස්ථාවරයේ සිටින බවයි, ඇමතිවරයා සඳහන් කළේ.

එහෙයින් සියල්ල රජය මැදිහත් වී කළ යුතුය යන ස්ථාවරයේ ආණ්ඩුව නොමැති බව ද ඔහු සඳහන් කරයි.

මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ වංචාව දූෂණය නාස්තිය 100%ක් අවසන් කර ඇති බවත් රාජ්‍ය සේවය ද එම තත්ත්වයට ගෙන එන බවත් ඇමති ලාල්කාන්ත අවධාරණය කරයි.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය කොළඹ අද (25) සංවිධානය කළ සමුළුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *