නුගේගොඩ පිහිටි සිය දුඹුරු සීනි අලෙවිසැල වසා දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව සඳහන් කරමින් ලංකා සීනි සමාගම නිකුත් කළ බව කියන නිවේදනයක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.
එමගින් පෙන්වා දෙන්නේ එහි විකිණුම් සේවකයා අසනීප වූ නිසා පසුගිය සෙනසුරාදා සීනි අලෙවිසැල වසා තැබුණු බවයි.
ඊට පසුදිනට ඉරිදා සහ පෝය දිනය යෙදී තිබුණු බැවින් වසා තැබූ බවත් සීනි අලෙවිසැල සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් ලංකා සීනි සමාගම එම නිවේදනයෙන් වැඩි දුරටත් පෙන්වා දෙයි.
