දුමින්දලට හැමදාම කයිය ගගහ ඉන්න පුළුවන්… පෙරටුගාමීන් කවදාවත් බලයට එන්නේ නෑනෙ…! – නි. ඇමති මහින්ද ජයසිංහ…

January 29, 2026 at 10:06 am | by emanisa.lk

ආසියානු සංවර්ධන බැංකුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඩොලර් මිලියන 200ක් ලබා දුන්නේ අද ඊයේ නොවන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

එහෙයින් එහි එල්ලි කතා කිරීමේ පදනමක් නැති බවයි, නි. ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ.

කෙසේ වුවද පෙරටුගාමී සමාජවාදී පක්ෂය බලයට එන්නේ හෝ බලය ලබාගැනීමේ අදහසක් හෝ නොමැති නිසා දුමින්ද නාගමුවට කතා කියමින් සිටිය හැකි බවද මහින්ද ජයසිංහ සඳහන් කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සිරස සටන වැඩසටහනට එකතු වෙමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඩොලර් මිලියන 200ක් ලැබී ඇති බවත් එම මුදලින් පාසල් පද්ධතියට ඩිජිටල් තිර ලබා දෙන්නේ කවදාදැයි දුමින්ද නාගමුව විමසූ අවස්ථාවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *