දුම්රියේ ආදායම බිලියන 2.6යි…! සේවක OT විතරක් බිලියන 2.3යි…! මගී ගාස්තු වැඩි කළේ ඒකයි..!

September 23, 2022 at 3:13 pm | by emanisa.lk

දුම්රිය ගාස්තු දෙගුණයකින් වැඩි කිරීමට පියවර ගත්තේ දෙපාර්තමේන්තුවේ සමස්ත සේවක වැටුප් සඳහා පසුගිය වසරේ දී රුපියල් කෝටි හත්සියයක් වැය කර තිබෙන නිසා බව ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි.

ඒ වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි දෙසිය හැටක ආදායමින් රුපියල් කෝටි දෙසිය තිහක් සේවක අතිකාල වශයෙන් ගෙවා තිබෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

“දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන දෙකයි දශම හයයි. සේවක අතිකාල සඳහා පමණක් රුපියල් බිලියන දෙකයි දශම තුනයි. වැටුප් සඳහා බිලියන හතයි. මේ ආකාරයට ආයතනයක් පවත්වගෙන යන්න පුළුවන්ද? කරන්න බැහැ.

ඒ නිසයි ගාස්තු වැඩි කරන්න කටයුතු කළේ. ආදායමට සරිලන ලෙස වියදම කළමනාකරණය නොකළොත් ඛේදවාචකයක් වෙනවා. රජයේ සමස්ත බදු ආදායමෙන් සියයට අසූ හයක් සේවක වැටුප් වශයෙන් ගෙවන එකම රට ශ්‍රී ලංකාවයි.”

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධ විවාදයට ඊයේ (22) එක් වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *