දුම්රියේ ආදායමට වඩා තුන් ගුණයක් පඩි අතිකාල..! සමස්ත ආදායම කෝටි 290යි.. පඩි අතිකාල කෝටි 700යි…!

April 30, 2023 at 11:36 am | by emanisa.lk

දුම්රිය දෙපාර්තමේන්තුව 2021 වසරේ දී රු. කෝටි 290ක ආදායමක් උපයන විට එහි සේවක වැටුප් සහ අතිකාල ලෙස රු. කෝටි 700ක් ගෙවා ඇතැයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සිය වාර්ෂික ආදායම මෙන් තුන් ගුණයක් එහි සේවක වැටුප් සහ අතිකාල සඳහා වැට කොට ඇත.

2021 වසරේ දුම්රිය රියදුරන් ඇතුළු සේවකයින්ගේ අතිකාල දීමනාව රු. කෝටි 230ක් වන අතර එය දුම්රියේ සමස්ත ආදායමට වඩා රු. කෝටි 60කට අඩු මුදලකි. දුම්රිය දෙපාර්තමේන්තු සේවක වැටුප් සඳහා රු. කෝටි 470ක පිරිවැයක් දරා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස