දුප්පතුන් 50%කට අහිමි අස්වැසුම පොහොසතුන් 25%කට ගෙවනවා….! – හර්ෂ ද සිල්වා…

April 10, 2025 at 10:03 am | by emanisa.lk

අස්වැසුම සමාජ සුබසාධන දීමනාව ලැබිය යුතු පිරිසෙන් සියයට 50කට නොලැබෙන බවත් නොලැබිය යුතු සියයට 25කට ලැබෙන බවත් මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

“අස්වැසුම කාලය දීර්ඝ කිරීම පිළිබඳව කිසිම ගැටලුවක් නෑ. නමුත් අපි පොඩි ගැටලුවක් සාකච්ඡා කළා කමිටුවේදී. ඒ තමයි සෙන්ටර් ෆෝ පවර්ටි ඇනලසීස් ආයතනයෙන් කර ඇති සමීක්ෂණයකින් අනාවරණය වෙනවා අස්වැසුම ලැබිය යුතු පුද්ගලයන්ගෙන් සියයට පනහකටවත් එය ලැබෙන්නේ නෑ කියා. ලැබිය යුතු නැති සියයට 25 කට අස්වැසුම ලැබෙනවාලු. අපි නිලධාරීන්ට මේ ගැන කිව්වාම ඒ අය කිව්වේ ජන සංගණනය කෙරීගෙන යනවා ඒ සමග සන්සන්දනය කරන්නම් කියලයි.

අස්වැසුම ලැබිය යුතු පිරිස කවුද කියන ගැටලුව දිගින් දිගටම තිබුණා. එය දැන් ඔප්පුවෙලා තිබෙනවා. මේ ගැන අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා. මේ සෙන්ටර් ෆෝ පවර්ටි ඇනලසීස් කියන්නේ පුද්ගලික ආයතනයක් නොවේ. ඒ සමීක්ෂණය මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා ඇතුළු මහාචාර්යවරුන් තමයි සිදු කර තිබෙන්නේ.”

ඊයේ (09) පාර්ලිමේන්තුව අමතමින් හර්ෂ ද සිල්වා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *