දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (05) නාවලපිටිය මිපිටිය මානසික ව්‍යාකුලතා සහිත දරුවන් පුනුරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකරන බව පැවසෙන ස්ථානයකට පැමිණී අතර ගම්වාසීන් ඊට විරෝධය පළකිරීමත් සමග නොසන්සුන්තාවක් හටගෙන තිබේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා නාවලපිටිය පොලීසියේ නිලධාරීන් ද පැමිණ තිබුණි.
ගම්වාසීන් චෝදනා කරන්නේ මෙම ස්ථානයේ දරුවන් පුනුරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකරන බව පවසමින් ආගමික ස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවය.
පසුව ගම්වාසීන්ගේ දැඩි විරෝධය මැද දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සමග එම ස්ථානයෙන් පිටවී ගොස් තිබිණි.