මුළු දිවයිනට ම හදිස්සි නීතිය පනවා ඇතැයි අග්රාමාත්ය කාර්යාලය සඳහන් කරයි.
එමෙන්ම බස්නාහිර පළාතට ඇදිරි නීතිය පැනවු බවද අග්රාමාත්ය කාර්යාල ප්රකාශකයෙක් සඳහන් කරයි.
කලහකාරීන් සහ ඔවුන් ගමන් ගන්නා වාහන ද දුටුතැන අත්අඩංගුවට ගැනීමට ද අගමැතිවරයා නියෝග කර තිබේ.
අගමැති රනිල් වික්රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා ලෙස මෙම නියෝගය නිකුත් කර තිබේ.
අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් අගමැති කාර්යාලය වැටලූ පිරිස කඳුලු ගෑස් සහ ජල ප්රහාර එල්ල කර විසිරුවා හැරීමට ද කටයුතු කර තිබේ.