කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව ගෙන එන විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමේ අරමුණින් ගෙන එන විශ්වාසභංගයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර පවසයි.
ඇය පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු සංයුතිය අනුව එය කිසිසේත් ජයග්‍රහණය කළ නොහැකි බවයි.
මෙම විශ්වාසභංගයේ අරමුණ කතානායකවරයාට එරෙහි යම් තොරතුරු ප්‍රමාණයක් සමාජගත කිරීම බවටද මන්ත්‍රීවරිය චෝදනා කරයි.
ඊයේ (03) පාර්ලිමේන්තුව අමතමින් ලක්මාලි හේමචන්ද්‍ර මේ බව ප්‍රකාශ කළාය.