දිට්වා බින්ද උමාඇළ මහ කන්නෙට දිය දෙන්න සූදානම්… ඇමති සමන්ත පිරිත්පැන් ඉස මංගල දියවර මුදයි…!

December 17, 2025 at 6:50 pm | by emanisa.lk

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් හානි වුණු උමා ඇළ වාරි ව්‍යාපාරයේ වාරි ඇළ හා බෝඹුරු ඇල්ල පේරවැල්ල අමුණ පිළිසකර කිරීමෙන් පසු මහ කන්නය සඳහා දියවර නිකුත් කිරීම අද (17) සිදුකෙරුණි.

දින 12ක් වැනි කෙටි කාලයක් තුළ කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ අමුණ මහා සංඝ රත්නයේ පිරිත් සඡ්ජායනා මැද අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මංගල දියවර නිකුත් කෙරිණි.

මෙම අවස්ථාවේ මහා සංඝ රත්නය සෙත් පිරිත් සජ්ජායනා කළ අතර ඇමති සමන්ත විද්‍යාරත්න අමුණ මංගල දියවර නිකුත් කිරීම සඳහා විවෘත කරන විට පිරිත් පැන් මුට්ටිය අමුණට හෙළීය.

අධික වර්ෂාවත් සමග පැමිණි මහා ජල කඳ හේතුවෙන් පේරවැල්ල අමුණ ගස් හා ගල්වලින් අවහිර වී තිබූ අතර උමා ඇළ වාරි ඇළ ද ස්ථාන කිහිපයකින් කැඩීගොස් තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *