පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ සියලු පක්ෂ එක්ව කටයුතු කිරීම පිළිබඳව විපක්ෂ මන්ත්රී කණ්ඩායම තුළ සාකච්ඡා ආරම්භ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
සමගි ජන බලවේගය, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ, ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඒ සඳහා යම් අනුකූලතාවක් පෙන්වා ඇති අතර සර්වජන බලය සහ දෙමළ ජාතික සන්ධානය මෙතෙක් ඔවුන්ගේ මතය ප්රකාශ කර නැති බව ද දැන ගන්නට තිබේ.
ආසන 159ක් හිමි ප්රබල ආණ්ඩුවට මුහුණ දීම සඳහා විපක්ෂයේ සියලු පක්ෂ එකතු වී කටයුතු කළ යුතු බව මේ වන විට විපක්ෂය නියෝජනය කරන බොහෝ පිරිසකගේ අදහස බව වාර්තා වෙයි.