ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙරට මාස් පතා සිදු කරන මිල සංශෝධනය අද (30) සිදුකිරීමට නියමිත අතර සැලකිය යුතු මට්ටමකින් ඉන්ධන මිල පහත දැමුණු ඇති බවට සමාජ මාධ්‍ය වාර්තා පළවෙයි.
කෙසේ වෙතත් තෙල් සංස්ථාවේ ප්‍රකාශකයකු සඳහන් කළේ මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් තෙල් සංස්ථාවට ලැබී නොමැති අතර මහා භාණ්ඩාගාරය විසින් ඊට අවශ්‍ය උපදෙස් නිකුත් කළහොත් ඉන්ධන මිල සංශෝධනයක් සිදු වනු ඇති බවය.
මෙය නව රජය පත්වීමෙන් පසු සිදු කරන පළමු ඉන්ධන මිල සංශෝධනය නිසාත් පසුගිය සමයේ මැතිවරණ වේදිකාවේ ඉන්ධන මත පනවා ඇති දැවැත්න බදු සම්බන්ධයෙන් එල්ල කළ ප්‍රබල චෝදනා නිසාත් ජනතාවට දැනෙන මිල සංශෝධනයක් සිදුවනු ඇතැයි බොහෝ පාර්ශ්ව බලාරොත්තු තබා ගෙන සිටිති.