වසරේ තුන්වෙනි කාර්තුවට අදාළ විදුලි මිල සංශෝධන යෝජනාව ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යොමු කර තිබේ.
එමගින් 4%-6%ත් අගයකින් විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති අතර මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ සියලු අංශවලට බලපාන පරිදි 06%කින් විදුලි බිල සංහෝධනය විය හැකි බවයි.
ජනාධිපතිවරණයට පෙර ජාතික ජන බලවේගයේ නලින්ද ජයතිස්ස ප්රකාශ කළේ සිය ආණ්ඩුවක් යටතේ විදුලි බිල 33-35% ප්රමාණයකින් අඩු කරන බවයි.