දැන් ලෝකෙම සමාජවාදයක් නෑ… ඩඩ්ලිලා ධම්මිකලා එක්ක පෙරට යනවා…! – ඇමති ලාල්කාන්ත…

April 7, 2025 at 10:48 am | by emanisa.lk

1971 සහ 1988 ජීවිත පරිත්‍යාගයෙන් අරගල කරන ලද්දේ සමාජවාදය වෙනුවෙන් බවත් ඒ සඳහා ජීවිත හැත්තෑ දහසක් පමණ අහිමිවී ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සඳහන් කරයි.

එහෙත් අද ලෝකයේ සමාජවාදී කඳවුරක් ක්‍රියාත්මක නොවන නිසා තම ආණ්ඩුවට ඉදිරියට යාමට සිදුවන්නේ ලෝකයේ සියලුම රටවල් සමඟ ගනුදෙනු කරමින් බව ද හෙතෙම පෙන්වා දෙයි.

ඩඩ්ලි සිරිසේන මෙන්ම ධම්මික පෙරේරා සමඟ වැඩ කරමින් ඉදිරියට යා යුතුව ඇති බව ද එහි ගොවියාට ද ඉඩක් ඇති බව ද ඇමාත්‍ය ලාල්කාන්ත කියා සිටියි.

උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *