දැන් රට යන්නේ ගෝඨා – කබ්‍රාල් ගිය පාරෙමයි…! – පාඨලී…

May 12, 2023 at 7:50 pm | by emanisa.lk

ශ්‍රී ලංකා මහ බැංකු පනත විවාදයට නොගත්තේ විපක්ෂයේ ඉල්ලීමක් නිසා නොව මහ බැංකු පනත අනුමත වුණා නම් ලංකාවේ ණය සීමාව වැඩි කර ගත නොහැකි නිසා බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

අද (12) පාර්ලිමේන්තුව අමතමින් ඔහු ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව නැවතත් පරණ මාවතටම වැටීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවයි.

“මේ යන්නේ පරණ පාරෙමයි. මේ යන්නේ මේ නව ජනාධිපතිවරයා හෝ මේ නව මහ බැංකු අධිපතිවරයාගේ පාරේ නෙවෙයි. මේ යන්නේ පරණ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති, අජිත් නිවාඩ් කබ්රාල් හිටපු මහ බැංකු අධිපති ගිය පාරේ.

ඒ අයවැය පරතරය සීමා කර ගැනීම සඳහා සල්ලි අච්චු ගැසීමේ ක්‍රියාවලියයි. ඒකේ ප්‍රතිඵලය අපි දන්නවා. ඒකෙන් තමයි මේ අධි උද්ධමනය ඇති වුණේ. ඒකෙන් තමයි මේ ආකාරයට ඉහළ පොළී අනුපාතයක් දීලා හරි වෙළඳපොලේ තියෙන ධනය ආපසු ගන්න සිද්ධ වුණේ. ඒ විෂම චක්‍රයට රට නැවත යටවීම තමයි මෙයින් සිදුවන්නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස