තමන් එදා විපක්ෂයේ සිට සටන් කළේ වතු කම්කරු වැටුප අවම වශයෙන් රු. 2000ක් කර ගැනීමට බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ් පවසයි.
හතර දෙනෙකු ජීවත් වන පවුලක ජීවන වියදම පදනම් කරගෙන මහ බැංකුව ගණනය කොට ඇති වාර්තා අනුව වැටුප ද වැඩි විය යුතු බවයි, ඔහු පෙන්වා දුන්නේ.
කෙසේ වුව ද අද තත්ත්වය වෙනස් වී ඇතැම් බඩු මිල පහත වැටී ඇතැම් පහසුකම් ජනතාවට ලැබී ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.
එහෙයින් වර්තමාන තත්ත්වය තුළ වතු කම්කරුවන්ට රු. 1700ක වැටුපක් ලැබිය යුතුය යන ස්ථාවරයේ ආණ්ඩුව සිටින බව ද කිට්නන් සෙල්වරාජ් ප්‍රකාශ කරයි.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (15) සිරස නාලිකාවේ පැතිකඩ වැඩසටහනට එකතු වෙමිනි.