දැන් පොලිසියට දේශපාලන බලපෑම් නෑ… කුඩු බොන අය නෙමෙයි කුඩු ගේන කෙනාම අල්ලනු…!

December 27, 2024 at 11:52 am | by emanisa.lk

මෙතෙක් කළක් කුඩු භාවිත කරන කෙනා ඇල්ලුවත්, කුඩු ගේන කෙනා ඇල්ලුවේ නැති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.

සිය ආණ්ඩුව මත්ද්‍රව්‍ය උවදුර තුරන්කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිදු දේශපාලනමය බාධාවක් නොමැති බව ද හෙතෙම සඳහන් කරයි.

කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ (26) පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ ඔහු මේ බව පවසා සිටියේය.

මෙහිදී ඔහු පෙන්වා දුන්නේ ලබන වසරේ පටන් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරා ගැනීම වෙනුවෙන් සියලු පියවර ගන්නා බවයි.

ඒ අනුව මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම වෙනුවෙන් රට පුරා විශේෂ වැඩපිළිවෙළක් ලබන වසරේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් කරයි.

මෙය මාධ්‍ය සංදර්ශනයක් නොවන බවත්, මේ සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ අවංක මැදිහත්වීම අපේක්ෂා කරන බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *