දැන් කඳුකර දෙමළ ජනතාව එක්ක දේශපාලනේ කරන්න පුළුවන් අපට විතරයි…! – මාලිමා මන්ත්‍රී….

November 17, 2025 at 9:38 am | by emanisa.lk

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින් ඉදිරියට කඳුකරයේ දමිළ ජනතාව අතර දේශපාලනය කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර පවසයි.

“හිටපු නායකයෝ විදේශ සංචාර ගියා රජයේ මුදල්වලින්. තවත් සමහර අය අම්මා තාත්තා සිහිකරන්න කුලුනු ගැහුවා. ඒ ඔක්කොම අපේ බදු.

නමුත් අර අහිංසක වතු ජනතාවට රුපියල් 400ක වැටුපක් වැඩිකරන කොට ඒකට රුපියල් 200ක් රජයෙන් දරන කොට විරුද්ධ වුණා. රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියට නායකත්වය හරහා ලැබුණු ප්‍රොජෙක්ට් එක තමයි මේක නවත්වන්න.

මොකද ඒගොල්ලන්ට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ. මොකද ඒගොල්ලො මේ වැටුප් ප්‍රශ්නය විසඳුවේ නෑ.”

රවීන්ද්‍ර බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (16) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *