ජාතික විද්‍යා පදනමේ සභාපති සහ ජාතික නැනෝ තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය සමන් සේනවීර සිය තනතුරුවලින් ඉල්ලා අස්වී ඇත.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය විද්‍යා හා තාක්ෂණ ඇමැතිවරයාට යොමුකර තිබේ.
තමන්ට එල්ල වූ දේශපාලන බලපෑම් මත තව දුරටත් කටයුතු කරගෙන යාමට නොහැකි නිසා සභාපති සහ අධ්‍යක්ෂ ධුරවලින් ඉවත් වූ බව මහාචාර්ය සමන් සේනවීර පවසයි.
ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු වන මහාචාර්ය සමන් සේනවීර ඔස්ට්‍රේලියාවේ සේවයේ යෙදී සිටි අතර, නව රජය බලයට පත්වීමෙන් පසු ඔහු ජාතික විද්‍යා පදනමේ සභාපති සහ ජාතික නැනෝ තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙස පත් කළේය.
Aruna