දළදා වන්දනා පෝලිමේ සිටින ජනතාව පොලිතින් බෑග් පාරේ නොදැමිය යුතු බව අගමැතිනි හරිනි අමරසූරිය පවසයි.
“දළදා වන්දනාවට යනකොට අපිත් එක්ක පෝලිමේ ඉන්න අනෙකා ගැනත් හිතන්න ඕනේ. වටපිටාව ගැනත් හිතන්න ඕන.
අපි දන්නවා වෙලාවක් යයි කියලා. ඊයේ වෙනකොට ලක්‍ෂ තුනක් නගරයට ඇවිල්ලා. ලක්‍ෂ තුනකට සනීපාරක්‍ෂක පහසුකම් සපයන්න ඕනේ.
එහෙම නම් අඩුම තරමේ අපි ප්ලාස්ටික් බෑග් එකක් ගෙනිච්චොත් ඒක පාරේ දාලා යන්නැතුව ඒක ගැන හිතන්න අපිත් පුරුදු වෙන්න ඕනේ. සියලු දේම රජයට කරන්න බෑ. සියලු දේම ආරක්ෂක අංශය කරන්න බෑ. අපිත් වගකීමක් ගන්න ඕනේ.
පෝලිමේ ඉන්නකොට අපි ගාව ඉන්න එක්කෙනා ගැනත් හිතන්න. අපි ඉන්න තැන පවිත්‍රව තියාගන්න නිකන් හිතන්නේ නැතුව පාරට විසික් කරන්නැතුව.”
ජාතික ජන බලවේග මැතිවරණ ප‍්‍රචාරක ජන හමුවක දී අගමැතිනිය මෙම අදහස් පල කළාය.