මෙවර දළදා ප්‍රදර්ශනයේ දී ප්‍රභූ පෝලිම් කිසිවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.
එහෙත් එතන ඉන්නා පිරිස් එක්වී එවන් පෝලිමක් සාදාගෙන ඇති බවට ද ඔහු චෝදනා කරයි. ඒ සඳහා දියවඩන නිලමේතුමාගේ ද යම් සම්බන්ධයක් ඇති බවට තොරතුරු හෙළිවන බවත් හෙතෙම සදහන් කරයි.
එම පෝලිමෙන් තම තමන්ගේ හිතවත්තු යැවීමට පටන් ගෙන තිබූ බවත් පරණ පුරුදු තවම පවත්වාගෙන යන බවත් ඔහු චෝදනා කළේය. ඒ අනුව එම තත්ත්වය ද කතාබහ කර නැවැත්වීමට සිදුවූ බවත් හෙතෙම ජාතික ජන බලවේගය ජන හමුවක් අමතමින් කියා සිටියේය.