දළදා ප්‍රදර්ශනය මැද වැසිකිළි විකුණන සුදත්ත තිලකසිරිට මාළිගාවේ විරෝධය….!

March 24, 2025 at 10:09 am | by emanisa.lk

ඉදිරි අප්‍රේල් 18 – 27 අතර පැවැත්වෙන විශේෂ දළදා ප්‍රදර්ශනය වැඳපුදා ගැනීම සඳහා පැමිණෙන ජනතාවට වැසිකිළි කැසිකිළි පහසුකම් සැපයීමට බව කියමින් මුදල් ආධාර එකතු කිරීමේ ව්‍යාපාරයක් සමාජ මාධ්‍ය ජාල හරහා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

යූටියුබ් නාලිකා හිමිකරුවකු මෙන්ම වත්මන් රජයේ ප්‍රබල ආධාරකරුවෙකු වන සුදත්ත තිලකසිරි ඇතුළු පිරිසක් විසින් මෙම ව්‍යාපාරය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකර ඇත. ඊට මුදල් ආධාර ලබා දීම සඳහා සුදත්ත තිලකසිරිගේ බැංකු ගිණුම් අංකයක් ද එම දැන්වීම් ඔස්සේ ලබා දී තිබේ.

මෙම ගිණුම සඳහා දැනටමත් දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් දැනටමත් රුපියල් මිලියන ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි සමාජ මාධ්‍ය ප්‍රකාශ කරයි.

කෙසේ වුවද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නිල ෆේස්බුක් පිටුව මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අවධාරණය කර ඇත්තේ මෙම දැන්වීම සම්පූර්ණයෙන්ම ව්‍යාජ එකක් බවත් දළදා ප්‍රදර්ශනයට අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී දළදා මාලිගාව සහ රජය විසින් සපයන බවයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *