දහම් පාසල් ගුරුභවතුන් සඳහා රුපියල් 7,500ක වාර්ෂික දීමනාවක් ලබා දීම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
රජය පවසන්නේ, අධ්‍යාත්මික සංවර්ධනය සඳහා සමාජය යොමු කිරීමට දහම් පාසල් අධ්‍යාපනය තුළින් මනා පිටිවහලක් ලැබෙන බව ය.
එබැවින්, කිසිදු පෞද්ගලික අපේක්ෂාවකින් තොරව දහම් පාසල්වල සේවය කරන ගුරුභවතුන්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීම සඳහා දිරි ගැන්වීම සහ ඔවුන්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම මෙන් ම සමාජයේ යහ පැවැත්මට අත්‍යවශ්‍ය වන දහම් අධ්‍යාපනයේ අභිවෘද්ධිය සඳහා ඔවුන්ට ගුරු දීමනාව හා නිල ඇඳුම් දීමනාව ලබා දීම වඩාත් සුදුසු බව හඳුනාගෙන ඇතැයි රජය සඳහන් කළේ ය.
ඒ අනුව, 2026 වර්ෂයේ සිට ඉදිරියට බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා කතෝලික ආගම්වලට අයත් ලියාපදිංචි දහම්පාසල්වල එක් වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පුර්ණ කරන ලද ගුරුභවතුන්ට ගුරු දීමනාව හා නිල ඇඳුම් දීමනාව ඇතුළත් එක් දිමනාවක් ලෙස රුපියල් 7,500ක මුදලක් වර්ෂයකට එක් වතාවක් ගෙවීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ගමගෙදර දිසානායක ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.