දස ලක්ෂයකට පළමු එන්නත…! චීන එන්නත දුන් 70 000ට අතුරු ආබාධ නෑ…!

May 12, 2021 at 12:46 pm | by emanisa.lk

චීන සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලබාදුන් කිසිවෙකුටත් මෙතෙක් කිසිදු අතුරු ආබාධයක් වාර්තා වී නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

මේ වන විට පුද්ගලයින් 71,203කට සයිනොෆාම් එන්නත ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ (11) දිනයේ පුද්ගලයින් 65,803 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත ලබාදී තිබේ.

සයිනොෆාම් එන්නත පුද්ගලයින් 50,493 දෙනෙකුට, ස්පුට්නික් V එන්නත පුද්ගලයින් 5,460 දෙනෙකුට ඊයේ දිනයේ ලබා ඇති අතර කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රා ද ඊයේ පුද්ගලයින් 9,850 දෙනෙකුට ලබා දුන් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට මෙරට පුද්ගලයින් 1,007,783 දෙනෙකුට කොවිඩ් මර්දනය සඳහා වන පළමු එන්නත් මාත්‍රාව ලබාදී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *