දසුන් ශානක යනු විද්වත් කමිටුවක් මගින් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් කළ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.
එහෙත් රනිල් වික්‍රමසිංහ යනු මේ රටේ හොරු කණ්ඩායමක් විසින් තෝරාපත් කළ නායකයා බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
රනිල් බලයට ආවේ හොරු රැකීමට බවත් රට ජයග්‍රහණය කරා ගෙන යාමට ඔහුට නොහැකි බවත් චමින්ද විජේසිරි අවධාරණය කරයි.
පොදුජන පෙරමුණේ නායකයින්ගේ ගැටලු විසඳීමට මිස රටේ පොදු මහ ජනතාවගේ ගැටලු විසඳීමට රනිල් වික්‍රමසිංහට නොහැකි බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් (18) චමින්ද විජේසිරි මේ බව සඳහන් කළේය.