දවස් 25ට අපි තුන්දෙනා කළ වැඩ සුපිරියි… විපක්ෂේ සටන් පාඨ නැතිව අසරණ වෙලා…! – විජිත..

October 22, 2024 at 9:34 am | by emanisa.lk

මේ වන විට විපක්ෂය සටන් පාඨ අහිමි වී අනාථ වී අසරණ වී සිටින බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

“අපි පුංචි කැබිනට් එකකින් පසුගිය 24 වෙනිදා වැඩ ආරම්භ කළේ. මේ වෙනකොට දවස් 25යි ගෙවිලා තියෙන්නෙ. මේ දවස් 25ට තමුන්නාන්සෙලා දැක්කා මේ පුංචි කාලය තුළ කරපු වෙනස්කම්.

තවම ඡන්දය දීපු ඇඟිල්ලේ තීන්ත ටික ගිහිල්ලාත් නෑ, තාම මගේ ඇඟිල්ලෙත් තියෙනවා. අපි කරපු ඔක්කොම හොඳයි. ඒ හින්දාම අපේ විරුද්ධවාදීන්ට දැන් කියන්න දෙයක් නෑ, සටන් පාඨ නෑ.

ඉතින් තැන්තැන්වල මුණු මුණු ගගා දැන් අනාථ වෙලා ඉන්නවා, අසරණ වෙලා ඉන්නවා.”

අමාත්‍ය විජිත හේරත් මේ බව පැවසුවේ කටුනායක පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *