ගම්පහ ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් වැස්සට තෙමෙමින් සාපෙළ විභාගයට පෙනී සිටීම පිළිබඳ සොයා බලන බව විභාග කොමසාරිස් එල්.එම්.ඩී. ධර්මසේන පවසයි.
විභාග කොමසාරිස්වරයා පවසන්නේ මෙම සිසුන්ගේ ප්‍රශ්න පත්‍ර වෙන ම පරික්ෂා කිරීමට කටයුතු කරන බවයි.
විභාග ශාලාධිපතිවරයා දරුවන් වැස්සෙන් ආරක්ෂා වී විභාගය ලිවීම සඳහා පහසුකම් ලබා දෙනු වෙනුවට ඔවුන්ගේ පින්තූර ගෙන සමාජ මාධ්‍යවල පළකර ඇති බවට ද ඔහු චෝදනා කළේය.
එසේ ම අදාළ පාසලේ විදුහල්පතිවරයා විභාගය සඳහා සුදුසු ගොඩනැඟිලි ලබා නොදී ඇති බවත් මේ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් විභාග කොමසාරිස්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.