දහතුන් වසරක අධ්‍යාපනය සියලු දරුවන්ට ලබා දීම රජයේ වගකීමක් බව ජනාධිපති අනුර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
“අවුරුදු 13ක අධ්‍යාපනය ලබා දෙන එක ආණ්ඩුවක වගකීමක්. අපි දැනට අනුරාධපුරේ පාසලක දැනට මේක අත්හදා බලලා තියෙනවා. ඒක අනික් පාසල්වලටත් සැලසුම් කරමින් තිබෙනවා. දරුවා පාසලට ආවේ නැත්නම් දෙමාපියන්ට SMS පණිවිඩයක් එනවා.
ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් යම් නිලධාරීන් පිරිසක් පත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දරුවා පාසලට ආවේ නැත්නම් ඒ නිලධාරී මහත්මයාට යනවා දරුවා ආවේ නෑ කියලා.
දවස් දෙක තුනක් එක දිගට ආවේ නැත්නම් දරුවාට මොකද වුණේ කියලා බලන්න ඕන. නැවත ඒ දරුවා පාසලට ගෙන යන්න කටයුතු කළ යුතුයි. එක දරුවෙක්වත් අවුරුදු දහතුනේ අධ්‍යාපනයෙන් තොරව එළියට වැටෙන්න බෑ.”
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැංවීමේ “ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ” ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ඊයේ (27) පෙරවරුවේ ගම්පොළ දොරගල පීකොක් හිල් ජනපදයේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී එක් වෙමිනි.
ජනාධිපති අනුර දිසානායක එම ධුරයට පත්වීමට පෙර ජනතාවට පොරොන්දු වූයේ ඉන්දියාවේ මෙන් මුහුදේ මාළු සිටින ස්ථාන පිළිබඳ ධීවර ජනාවටද තම තමන් ගෙවන ලද බදු මුදල සහ ඉන් සිදුකරන ලද කාර්ය සඳහන් කර බදු ගෙවන ජනතාවට SMS පණිවිඩ එවන ක්‍රමවේදයක් සකස් කරන බවයි.