දරුවාගේ අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයට පමණක් සීමා කිරීම වැරදියි…! – සජිත්…

July 20, 2024 at 6:23 pm | by emanisa.lk

අධ්‍යාපනය සෞඛ්‍ය ඉඩමක අයිතිය නිවසක අයිතිය ජීවනෝපාය ජනතාවගේ මූලික අයිතියක් ලෙස ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඇතැමුන් රටේ අධ්‍යාපන අවස්ථා නිදහස් අධ්‍යාපනයට පමණක් සීමා කළ යුතු යැයි ප්‍රකාශ කරන බව ද හෙතෙම සඳහන් කරයි.

එය වැරදි යෝජනාවක් බවත් රටේ සිසු පරපුරට ගුණාත්මක නිදහස් අධ්‍යාපනයක් මෙන්ම තමන් කැමති අධ්‍යාපනයක් ලබාගත හැකි යටිතලයක් රටේ නිර්මාණය කළ යුතු බව ද සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

එමගින් අපේ රට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරාදිසයක් කළ යුතු බව ද විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

ගම්පහ මීරිගම කුඹල්ඔළුව ශ්‍රී ලංකේශ්වර කනිටු විදුහලට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාව අමතමින් සජිත් ප්‍රේමදාස මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *